පාකිස්ථාන් සහ ඇෆ්ගනිස්ථාන් ප්‍රශ්ණය දුරදිග යයි..මිය ගිය 46 ගැන ජාත්‍යන්තරයේ දැඩි කතාබහ...

Pakistan Afghanistan Death
By Aruna Dec 29, 2024 08:44 AM GMT
Aruna

Aruna

Report

ඉකුත් දා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 46 දෙනෙකු මිය ගිය අතර මිය ගිය පිරිස අතර සිටින බොහෝදෙනෙකු කාන්තාවන් සහ ළමුන් බව තලේබාන් රජය පවසයි.

ගුරුවරුන්ගේ වැටුප් ලබන ජනවාරියේ වැඩි කරයි?..

ගුරුවරුන්ගේ වැටුප් ලබන ජනවාරියේ වැඩි කරයි?..


තලේබාන් රජයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම ප්‍රහාර හේතුවෙන් දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු වීමේ ඉඩකඩක් පවතිනු ඇති බවටයි.

ඇෆ්ගනිස්ථාන රජයේ නියෝජ්‍ය ප්‍රකාශක හම්දුල්ලා ෆිට්‍රාට් පවසා තිබුණේ, පක්ටිකා පළාතේ දිස්ත්‍රික්කයක් වන බර්මාල් හි ස්ථාන හතරක් ඉලක්ක කරගත් ප්‍රහාරවලින් මියගිය අය බවටයි.

ඔබේ ත්‍රීරෝද රථය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න..

ඔබේ ත්‍රීරෝද රථය ගැනත් දැඩි අවධානයෙන් ඉන්න..


මේ අතර පාකිස්ථාන තලේබාන් හෝ ටෙහ්රීක්-ඊ-තලිබාන් පාකිස්ථානයේ ප්‍රකාශක මොහොමඩ් කුරාසානි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, කාන්තාවන් සහ ළමුන් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගිය බවටයි.

ඔවුන් වයඹ දිග පකිස්ථානයේ ප්‍රහාරය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පලා ගිය "නිරායුධ සරණාගතයින්" බව ද ඔහු පවසා තිබේ.

ඇෆ්ගනිස්ථානය සඳහා වන පකිස්ථානයේ විශේෂ නියෝජිත මොහොමඩ් සාදික් ගැටළු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා කාබුල් වෙත ගොස් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාර එල්ල වී ඇතැයි ද සඳහන් වේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍යාංශය එරට පිහිටි පකිස්ථාන තානාපති කාර්‍යාලයේ නියෝජිතයා කැඳවා පකිස්ථාන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ඉදිරිපත් වී තිබේ.

බද්ද නිසා බැංකු ගිණුම් හිමියන් හදිසියේම කරන්න යන දේ..සියලු බැංකු වලට රතු එළියක්.

බද්ද නිසා බැංකු ගිණුම් හිමියන් හදිසියේම කරන්න යන දේ..සියලු බැංකු වලට රතු එළියක්.


නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ පකිස්ථානයේ සිවිල් ආන්ඩුවේ නියෝජිතයෙකු ඇෆ්ගනිස්ථාන නිලධාරීන් සමග සාකච්චා වල කාර්යබහුලව සිටින අතරවාරයේ "දෙරට අතර සබඳතාවන්හි අවිශ්වාසයක් ඇති කිරීමට" පකිස්ථාන හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.

You May Like This Video


ReeCha