ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ලොක්කෙක් අද ලංකාවට

Report

ආසි­යානු සංව­ර්ධන බැංකුවේ (ADB) සභා­පති මසාටෝ කන්ඩා (Masato Kanda) මහතා අද (23) දින සිට 25 දක්වා ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව සභා­ප­ති­ව­රයා අද (23) දින කටු­නා­යක බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළෙන් ශ්‍රී ලංකා­වට ළඟා වීමට නිය­මිතව ඇත.

එසේම එහිදී කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැල­සුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහ­ත්ව­රුන් විසින් ඔහුව පිළි­ගනු ලැබී­මට නිය­මි­තයි.

පැමිණි පසු කොළඹ වරාය පාලක මැදි­රිය නිරී­ක්ෂ­ණය කරන සභා­ප­ති­ව­රයා, අන­තු­රුව කොළඹ ITC රත්න­දීප හෝට­ල­යේදී පෞද්ග­ලික අංශයේ නියෝ­ජි­ත­යන් සමඟ විශේෂ දිවා භෝජන සාක­ච්ඡා­ව­කට සහ­භාගි වෙන බව සඳහන්.

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

නරක ආරංචියක් - මිනිත්තු කිහිපයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 පනී

එසේම අද (23) දින පස්ව­රුවේ ආසි­යානු සංව­ර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවා­සික මෙහෙ­යුම් කාර්යා­ලයේ (SLRM) පැවැ­ත්වෙන පිළි­ගැ­නීමේ උත්ස­ව­ය­කට සහ කාර්ය මණ්ඩල හමු­ව­කට ද ඔහු එක්වී­මට නිය­මි­ත බව පවසයි.

මේ අතර සංචා­රයේ දෙවැනි දිනය වන හෙට (24) දින, මෑතක දී බලපෑ ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් සිදු වූ හානි නිරී­ක්ෂ­ණය කිරීමට සභා­ප­ති­ව­රයා ප්‍රමුඛ දූත පිරිස කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ සංචා­රය කිරී­මට සැල­සුම් කර ඇත.

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

අද බස් ධාවනයෙන් ඉවතට? බස් ගාස්තුත් 10%කට වැඩිය වැඩි මිලකින් සංශෝධනය විමට නියමිතයි

එසේම හෙලි­කො­ප්ටර් යානා මඟින් අර­ණා­යක රිවි­සඳ මධ්‍ය මහා විද්‍යා­ලය වෙත ගොස්, එතැන් සිට නාරං­ගල සහ අඹ­ල­න්කන්ද යන ප්‍රදේ­ශ­වල සිදු වූ විනා­ශය සම්බන්ධයෙන් ද ඒ මහතා පෞද්ග­ලි­ක­වම සොයා බැලීමට නියමිත බව වාර්තා වේ.

එසේම මෙම සංචා­රයේ සුවි­ශේෂී අව­ස්ථා­වක් වශයෙන් හෙට (24) දින පස්වරු 3:00ට ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා හමුවී සාකච්ඡා පැවැ­ත්වීමට නියමිතයි.

අනතුරුව සියලු නිල කට­යුතු නිම කිරී­මෙන් පසු සභා­පති මසාටෝ කන්ඩා මහතා අනිද්දා (25) දින අලු­යම 01:00ට දිව­යි­නෙන් පිටත්ව යෑමට නිය­මි­ත බව ද වාර්තා වේ.

මැදපෙරදිග උණුසුම සමඟ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග උණුසුම සමඟ ලොව පුරා සිටින අමෙරිකානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

‍''පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්