ශ්‍රී ලාංකික තරුණයෙකුට ස්විස්ටර්ලන්තයේදී සිදුවූ බිහිසුණු ඉරණම මෙන්න.
Accident
Death
By Aruna
යාපනයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ස්විස්ටර්ලන්තයේදී සිදු වූ රිය අනතුරකින් ඊයේ (20) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
එස්.කේසවන් නැමති මෙම තරුණයා රැකියාවක් සදහා ස්විස්ටර්ලන්තයට ගොස් සිටියදී රැකියාව හමාර කොට ඔහුගේ නේවාසිකාගාරය වෙත පැමිණෙමින් සිටියදී එම මාර්ගයේ ගමන් කළ ට්‍රක් රථ දෙකක් තවත් වාහනයක ගැටීමෙන් සිදු වූ අනතුරට ඔහු මැදි වීමෙන් ඔහු සිද්ධිය වූ ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
යාපනයේ උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි මොහු මීට වසරකට පමණ පෙර ස්ව්ස්ටර්ලන්තයට ගොස් ඇති අතර එහි වලයිස් (Valais ) ප්‍රදේශයේ දී මෙම අනතුරට ලක්ව ඇත.
වලයිස් ( Valais ) ප්‍රාන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්හකර තිබෙන බව ද එරට මාධ්‍ය වාර්තා පවසයි.