පාසල් සිසුවෙකුගේ අපරික්ෂාකාරී බව නිසා ජිවිත ගනනාවක් අනතුරට..(PHOTO)

By Piyumika Nov 19, 2024 04:13 AM GMT
Report

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගෙවුණු වසරක කාලය තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්..

ගෙවුණු වසරක කාලය තුළ රුපියල් මිලියන 18,000කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්..

ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදි මෙම අනතුර සිදු වී ඇත. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිල මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකි.

වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නාවලපිටිය සිට ගිනිගත්හේන දක්වා ධාවනය වු ලංගම බස් රථයේ ත්‍රිරෝද රථය ගැටිමට ආසන්න වු විට ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි යාමත් සමග එහි පසුපස අසුනේ ගමන් ගත් සිසුන් තිදෙනා ප්‍රධාන මාර්ගය ට විසි වී තිබේ.

මත්ලෝලීන් නැටවෙන ස්පීකර් පෙට්ටි වලින් හමු වූ දේ..

මත්ලෝලීන් නැටවෙන ස්පීකර් පෙට්ටි වලින් හමු වූ දේ..

ප්‍රධාන මාර්ගයේ වැටි සිටි සිසුන් තිදෙනාගේ ජිවිත බේරාගැනිමට ලංගම බස් රථයේ රියදුරා බස් රථයට මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇති බවත්, එම අවස්තාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයක් සහ ගේට්ටුවක ගැටි බස් රථය නතර වි ඇති බවත් කියයි.

අනතුරෙන් බස් රථයේ ගමන් කරත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව ගිනි ගත් හේන පොලිසිය කියා සිටියේය

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery