බස්රථයක පා පුවරුවෙන් කාන්තාවක් ඇද වැටෙයි..රියදුරුටත් පහර දෙයි..(VIDEO)
Sri Lanka
Bus accident
Bandarawela
By Aruna
බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේ දී බණ්ඩාරවෙල සිට බදුල්ලට දෙසට ගමන් ගත් බස් රථයක පා පුවරුවෙන් කාන්තාවක් ඇද වැටෙන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුණි.
බස් රථයේ පිටුපස දොරෙන් එම කාන්තාව පළමුව සිය කුඩා දියණියව බස්සවන අතර, පසුව ඇය බැසීමට යෑමේ දී බස් රථය ඉදිරියට ධාවනය වේ.
එම අවස්ථාවේ දී කාන්තාව බිමට ඇද වැටෙන අතර පසුව එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් බස්රථය නවතා රියදුරුට පහරදීමට උත්සහ ගන්නා අයුරු ද CCTV කැමරාවේ සනිටුහන් ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |