03න් දෙනෙක් මෙලොවින් සමුගෙන යන්නම ගිය නොහිතපු වෙලාවක වුණ මාරක අනතුර..(PHOTOS)

Hospitals in Sri Lanka Accident Death Latest Headlines
By krishani Jun 12, 2024 12:26 PM GMT
krishani

krishani

Report

අද (12) පස්වරුවේ බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු විය.

03න් දෙනෙක් මෙලොවින් සමුගෙන යන්නම ගිය නොහිතපු වෙලාවක වුණ මාරක අනතුර..(PHOTOS) | Accident At Wagama 12Th June 2024

ඒ වෑගම ප්‍රදේශයේ දී බිබිල සිට කොටගම දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් නඩත්තු කටයුත්තක් සඳහා ගරාජයක් ඉදිරිපිට නවතා තිබී ඇත.

එහිදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් එහි ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම රිය අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

ඒ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ය.

වෑන් රථයේ රියදුරු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රසිකයින් හඬවමින්, ජනප්‍රිය ගායිකාවක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)

රසිකයින් හඬවමින්, ජනප්‍රිය ගායිකාවක් ජීවන කතරට සමු දෙයි..(PHOTOS)


මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 75ක් වන අතර මියගිය එක් කාන්තාවකගේ වයස අවුරුදු 70ක් වන අතර මියගිය අනෙක් කාන්තාවගේ වයස තහවුරු කර නොමැත.

ඔවුන් වෑගම බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෘත ශරීර බිබිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

මේ වන විට අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Gallery