තාත්තයි දුවයි බයික් එකෙන් යන විට මහ පාරේ වැටුණු ගැඹුරු වලේ වගකීම ගැන බලධාරීන් කියන කතාව..
අද(19) පියෙක් සහ පාසල් දැරියක් ගමන් කළ යතුරුපැදියක් IDH ගොතටුව ප්‍රදේශයේ දී කැණීම් කළ අනාරක්ෂිත වලකට වැටීමෙන් අනතුරක් සිදු විය.
යතුරු පැදියෙන් ගමන් කළ පියා සහ පාසල් දැරිය බේරා ගැනුණු අතර දැරිය IDH රෝහලටත් පසුව මහ රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
දියේ ගිලී තිබූ යතුරු පැදිය ගොඩ ගන්නා ආකාරය ද CCTV දර්ශන වල සටහන්ව ඇති අතර මීට පෙර ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් එලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙම අනතුරට හේතු වී ඇත්තේ,ගොතටුව ප්‍රදේශයේ සිදු කෙරෙන ජල නල එලීමේ ව්‍යාපෘතියට අයත් බටයක් අළුයම කාලේ පුපුරා යෑමයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටින්නේ, මෙම ව්‍යාපෘතිය සිදුකරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් බවත් ඊට තම ආයතනය සම්බන්ධ නොවන බවත් ය.
එහිදී ව්‍යාපෘතිය සිදුකළ පෞද්ගලික කොන්ත්‍රාත්කරු සඳහන් කළේ සිය නඩත්තු කටයුතු මීට මාසයකට පෙර අවසන් කළ බව ය.
එමෙන්ම වර්ෂාව සහ ජල නලයේ පීඩනය නිසා මාර්ගය සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය දිය වී වළ තවත් ගැඹුරු වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, තමා අදාළ ව්‍යාපෘතිය මීට මාසයකට පෙර අවසන් කළ බවට කොන්ත්‍රාත්කරු පවසන විට ඊට තම ආයතනය සම්බන්ධ නැති බවට ජාතික ජලසම්පාදන හා ජලාපවාහනය මණ්ඩලය පවසන්නේ නම් මෙම සිද්ධියට වගකිව යුත්තේ කවුරුන් ද යන්න ජනතාව හමුවේ ඇති ප්‍රශ්නය වේ.
