ලංකාවේ රිළවුන් චීනෙට යවන වැඩේට මොකද වුනේ?. ඒ ගැන අලුත්ම කතාව..
Parliament of Sri Lanka
Mahinda Amaraweera
Sri Lanka Politician
Sri Lanka
Ministry of Agriculture
By krishani
මෙරට රිළවුන්ගෙන් වන වගා හානිය අවම කිරීම අරමුණු කරගනිමින් එම සත්ත්වයන් චීනයට යැවීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් සාකච්ඡා පවත්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.
අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා ඒ බව කියා සිටියේ ය.
අමාත්‍යවරයා පැවසුවේ චීනයේ සත්වෝද්‍යාන විසින් රිළවුන් ඉල්ලා සිටියේ මස් පිණිස භාවිතා කිරීමට නොවන බවයි.
ඔවුන් තවත් ඒ සඳහා කැමැත්තෙන් පසුවන බවත් එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියේ දී තවත් සාකච්ඡා පවත්වන බවත් ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මෙරට සත්ත්ව සංවිධාන විසින් එයට එරෙහිව අධිකරණයට යාම හේතු කරගෙන එම වැඩපිළිවෙල අතරමග නතර වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.
