ඇෆ්ගනිස්ථානයේ ගං වතුර තත්ත්වයෙන් 50ට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට...

By Parami Dissanayake May 18, 2024 06:04 PM GMT
Report

මධ්‍යම ඇෆ්ගනිස්ථානයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ ගං වතුර තත්ත්වයෙන් 50ට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට... | About 50 People Died Due To Floods In Afghanistan

Ghor පළාතේ බලධාරීන් පවසන්නේ ගංවතුර ඇතිවීමට මිනිත්තු කිහිපයකට පෙර මිනිසුන් උස් බිම් මත ආරක්ෂිත ස්ථාන කරා දිව ගිය නිසා තවත් විශාල පිරිසක් අතුරුදහන් වී ඇති බවයි.

එමෙන්ම ගංවතුර හේතුවෙන් ගවයින් දහස් ගණනක් මිය ගොස් ඇති අතර, නිවාස 2,000 ක් පමණ විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නීති විරෝධී ධිවරයින් 22ක් නාවික හමුදා භාරයට... (PHOTOS)

නීති විරෝධී ධිවරයින් 22ක් නාවික හමුදා භාරයට... (PHOTOS)


විපතට පත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බැවින් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනය අනතුරු අඟවා ඇත.

Gallery