ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි - ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර..

Cricket Sri Lanka Cricket Sri Lanka Australia
By Sewvandhi May 29, 2022 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජූනි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලියට විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග පහකින් ඇතුළත් වන අතර එහි විස්සයි20 තරග රාත්‍රී කාලයේ ද, එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස ද පැවැත්වේ .

එම තරගවලට විදුලිය ලබාදීම සඳහා ඩීසල්වලින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර පාවිචිචි කරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha