ගායන ශිල්පී සමන් ද සිල්වාගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

Super Singer Sinhala news
By Mithu Apr 27, 2025 06:31 PM GMT
Mithu

Mithu

Report

අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය. වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අද (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන්නේය.

[U0D6VFV[

ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි. නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ වැනි ගීත ඔස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පත් සමන් ද සිල්වා මහතා ගායන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදිය. ඔහුගේ වේග රිද්ම කලාව නිසා ඔහු කලක් මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් බවට පත්ව තිබුණි.

බදුල්ල පස්සර ප්‍රෙද්ශයේ උපත ලැබූ ඒ මහතා පානදුර සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරා තිබේ. ඔහු 'දෙරණ සරිගම සාජ්ජේ හා මා නොවන මම වැඩසටහනටද කලකට පෙර සහභාගි වුණි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ (26) රාත්‍රියේ ඇතිවූ හදිසි රෝගි තත්වයක් හේතුවෙන් වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර තිබේ.

ReeCha