ගමක්ම රත්කරමින් පොලිසිය තුළදී තරුණයෙකු මියයයි..! දැඩි නොසන්සුන්කාරී තත්වයක්..
ඊයේ (23) රාත්‍රියේ ත්‍රිකුණාමලය, ජමාලියා ප්‍රදේශයේ නො සොරකමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මුලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම සම්බන්ධයෙන් සන්සුන්කාරි තත්ත්වයක් ඇතිවිය.
පසුගිය 22 වනදා සවස ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇත්තේ, ත්‍රිකුණාමලය තක්වා නගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා ධීවර කාර්මිකයෙකු බවත් ඔහු සිරමැදිරිය තුළම සිය කමිසයෙන් ගෙල වැළලා ගෙන මිය ගොස් සිටි බවත් ය.
එහෙත්, ඥාතීන් කියා සිටින්නේ, පොලිස් පහරදීමෙන් තරුණයා මියගොස් ඇති බවය. මෙයින් ප්‍රකෝපයට පත් ජනයා ඊයේ රාත්‍රී ජමාලියා ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වු අතර, පසුව පොලීසිය හා යුධ හමුදාව එක්ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණා.
මේ අතර, අද(24) පෙරවරුවේ පවුලේ ඥාතීන් මළ සිරුර භාරගැනීමට නොහැකි බව ප්‍රකාශ කළේය.
කෙසේ නමුත්, මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පවුලේ ඥාතීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කළ අතර, පසුව මළ සිරුර භාර ගැනීමට ඥාතීන් කැමැත්ත පළකර සිටියේය.
මේ වන විටත් මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදු කෙරෙයි.
