කාන්තාවක් සිය නිවසේදීම ඝාතනය කරලා.

Police spokesman Sri Lanka Death
By Hashini Nov 08, 2023 03:42 AM GMT
Hashini

Hashini

Report

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

කිරිඳිවැල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

අවුරුදු 35ක් වන කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව සිය දරුවා, ඇයගේ ස්වාමිපුර්ෂයාගේ මව සහ පියා සමග එම නිවෙස් පදිංචිව සිට ඇත.

ඇයගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත වූ අයෙක් බව ද වාර්තා වනවා.

මෙම අනතුර කාන්තාව නිවසේ තුළ තනිව සිටින අවස්ථාවේ දී සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

   ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 

ReeCha