බිරිඳක්, බෝතල් කට්ටකින් සැමියෙකුට සිදුකළ දේ.. හද කම්පා කරන සිදුවීමක්..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime Murder
By Sewvandhi Oct 13, 2024 12:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලිසිය පවසන්නේ, බෝතල් කට්ටකින් පහරදී සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර බිරිඳ අත්අඩංගුවට ගත් බවයි.

වාර්තා වන්නේ, පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර තිබෙන බවයි.

මෙලෙස ඝාතනයක ලක්ව ඇත්තේ (37) හැවිරිදි එක්දරු පියෙක් වන අතර මෙම ඝාතන සිදුවීම වාර්තා වන්නේ උප්පුවෙලී පොලිස් වසමෙනි.

ඉකුත් (07) දින රාත්‍රියේ මෙම  අඹුසැමි යුවල අතර බහින්බස් වීමක් ඇතිව තිබෙනවා. එම බහින්බස්වීම දුර දිග යාමෙන් සැකකාරිය සිය සැමියාගේ උදරයට වීදුරු කැබැල්ලකින් ඇන තුවාල සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා දින 5ක කාලයක් ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (12) වැනි දා පස්වරුවේ මියගිය බවයි.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.