ලබන අවුරුද්දේ සිට එන්න හදන " ධන බද්ද".!
ලබන වසර සඳහා අය-වැයෙන් ධන බද්දක් හෝ උරුමයන් පිළිබඳ වත්කම් බද්දක් ගෙන ඒමට රජයේ සූදානමක් පවතින බවයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
ඒ, අනුව එම බද්ද මගින් එක් එක් පුද්ගලයන් සතු වත්කම් ප්‍රමාණය තක්සේරු කර ඊට අදාළව බදු අය කර ගැනීම මෙහි අරමුණ බව සඳහන්.
මෙම බද්දට මුදල්, බැංකු තැන්පතු, නිශ්චල දේපළ, රක්ෂණ හා විශ්‍රාම වැටුප්, සංස්ථාපිත නොවන ව්‍යාපාරවල හිමිකාරිත්වය, මූල්‍ය සුරැකුම්පත් ඇතුළුව පෞද්ගලික වත්කම්වල සම්පූර්ණ වටිනාකම ඇතුළත් වේ.
දැනට සාකච්ඡා මට්ටමේ පවතින මෙම යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණ ද රාජ්‍ය ආදායමේ පවතින හිඟය හේතුවෙන් එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
කෙසේ වෙතත් දැනට යෝජනා වී ඇත්තේ පුද්ගලයෙකුට හිමිවිය යුතු නිවාසයක්, වාහනයක්, කුඩා ඉඩමක් ආදී මූලික වත්කම් හැර ඔහු විසින් උපයනු ලබන වෙනත් අතිරේක වත්කම් මත මෙම බදු අය කර ගැනීම පිළිබඳ බව සඳහන්.
දැනට සිදුව පවතින සාකච්ඡා අනුව මෙම බද්ද හෝ උරුමයන් පිළිබඳව බද්ද නමින් වෙනත් නව බද්දක් පිළිබඳව යෝජනා වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කරන පිළිවෙත පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ආරංචිමාර්ග පවසන්නේ.
මීට පෙර මෙම Wealth Tax නම් වත්කම් – දේපළ බද්ද ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී හඳුන්වා දුන් බද්දක් වන අතර එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය බිහි වනතෙක් ක්‍රියාත්මකව තිබූ බවත් ඔහු විසින් එය අහෝසි කරන ලද අතර එතැන් පටන් මේ වන තෙක් අදාළ බද්ද ක්‍රියාත්මක වී නොමැති බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරනවා.
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 03ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් මෙලෙස බඳවා ගැනීමට අදාළ තීරණය ඉදිරි දින කිහිපය තුළ ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
