බෝවන රෝග ගැන අනතුරු ඇඟවීමක්.(VIDEO)

Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 23, 2023 04:42 AM GMT
Hashini

Hashini

Report

 පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අක්ෂි රෝගයක්, පාචන රෝගයක් සහ ශ්වසන අපහසුතා සහිත උණ රෝගයක් මෙලෙස ඇතැම් ප්‍රදේශවලින් වාර්තාවන බවයි.

මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබඳ ඉහළ සැලකිල්ලක් දැක්විය යුතු බව ද සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වුවා.

"මේ රෝග තුනම පාලනය කරගැනීම සඳහා පෞද්ගලික පිරිසිදුකම ඉතාම වැදගත්. ඒ වගේම පවතින ගංවතුර තත්ත්වය පහව යනවාත් එක්කම දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් වාර්තා වුණා. කෙසේවෙතත් ඒ ව්‍යවසනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සම්පූර්ණයෙන් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. එහෙම වුණොත් ජීවිත විශාල ප්‍රමාණයක් ඉදිරියේදී පරිස්සම් කරගන්න පුළුවන් වෙයි." 


ReeCha