කෝප් කමිටුවට ආ අමුත්තෙක් නිසා හෙන ජරමරයක්. - ඔහුගේ සහභාගිත්වය ගැන විශේෂ පරීක්ෂණයක්.

Parliament of Sri Lanka Sajith Premadasa Sri Lanka
By Wayomi Nov 16, 2023 06:57 AM GMT
Wayomi

Wayomi

Report

කෝප් කමිටුවට ආ අමුත්තෙක් නිසා හෙන ජරමරයක්. - ඔහුගේ සහභාගිත්වය ගැන විශේෂ පරීක්ෂණයක්.

පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ දී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ පුත්‍රයා ද ඊට සහභාගි වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (16) පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

ඔහු චෝදනා කළේ, කෝප් කමිටුව තුළ තමා ගේ කට වසා ඇති බවත්, එවැනි පසුබිමක රන්ජිත් බණ්ඩාර ගේ පුත්‍රයා කෝප් කමිටුවට සහභාගි වූයේ කෙසේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්,එමෙන්ම කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත්ය.

ReeCha