සිරකරුවන්ට ලැබෙන අමුතු නිවාඩුව මෙන්න..අධ්කරණ ඇමති කියයි..

prisoner Al Sabri welikadha
By Sewvandhi Sep 24, 2021 02:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සිර දඬුවම් විඳින යහපත් කල් ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සඳහා “සතියක නිවාඩුවක් ලබාදීමේ” නිතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා සඳහන් කරනවා.

බන්ධනාගාර පනතට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නීතිය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ‘තමන් ද නිදහස් කරන ලෙසට’ ඉල්ලමින් උපවාසයක නිරත සිරකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඊයේ (23) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී.

වහලය මත නැගී උපවාසයේ නිරත සිරකරුවන් ගෙන් කිහිප දෙනකු සහ ඔවුන්ට සහාය දැක්වීම සදහා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන්ගෙන් කිහිප දෙනකු සමග ද අධිකරණ අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතවූ බව ද වාර්තා වනවා.

සිරකරුවන්ට පොදු සමාව ලබාදීමේදී සියලුම සිරකරුවන් සදහා එකම ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සිරදඬුවම් විඳින යහපත් කල්ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සම්බන්ධයෙන් වන දඬුවම් අඩුකරගැනීම යන කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් උපවාසයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha