මගීන් කෝච්චියේම දාලා මාරු වෙලා ගිය රියදුරාට මොකද වුණේ කියලා දන්නව ද?. හිතුවා වගේ වැඩේ ලේසී නෑ කොල්ලෝ..

Sri Lanka Police Sri Lanka Police Investigation Sri Lanka Railways Railways Latest Headlines
By krishani Jul 01, 2024 06:08 PM GMT
krishani

krishani

Report

ප්‍රශ්නගත දුම්රිය රියදුරාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේ ය.

මගීන් කෝච්චියේම දාලා මාරු වෙලා ගිය රියදුරාට මොකද වුණේ කියලා දන්නව ද?. හිතුවා වගේ වැඩේ ලේසී නෑ කොල්ලෝ.. | A Train Driver Is Suspended

ඒ ඊයේ (30) දින කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙන් ය.

ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද සඳහන් වේ.

කොළඹ සිට මහනුවර බලා ඊයේ පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.

ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්‍රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළා ගොස් තිබෙනවා.

එහිදී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර ඇත.

"ගණන් හදලා බලන්න.. කුඩු විකුණලා ද?. කළු සල්ලි සුදු කරල ද කියලා.." - කලබල නැති පියුමිට අද වෙච්ච දෙයක් මෙන්න..

"ගණන් හදලා බලන්න.. කුඩු විකුණලා ද?. කළු සල්ලි සුදු කරල ද කියලා.." - කලබල නැති පියුමිට අද වෙච්ච දෙයක් මෙන්න..


පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව 1.40ට වන අතර නමුත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් සඳහන් කළේ ය.