චීවරධාරියෙක් නිරුවත් දර්ශන බාගෙන කළ අමුතුම බිස්නස් එක - නිරුවත් දර්ශන 1500ක් පමණ පරිගණකයේ.. වැඩිම දර්ශන ගාණක් කුඩාම දැරියන්ගේ.. විමර්ශනවල දී හෙළි වුණ දේ.. (VIDEO)
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවි වන බවට ලැබුණු තොරතුරක් මතයි.
එහිදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමේ නිරත වන බවය.
ඒ නූතන තාක්ෂණය භාවිත කරමින් ය.
ඒ සඳහා ඔහු මුදල් ලබා ගන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් බව අනාවරණය වී තිබෙනවා.
ඊයේ දිනයේ දී සැකකරු සම්බන්ධයෙන් සෙවීමට විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එවිට හෙළි වී ඇත්තේ මෙම ජාවාරම මෙහෙය වන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවයි.
පසුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේ දී හෙළි වී ඇත්තේ එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම සිදුකරන බවයි
එමෙන්ම මාස 7 සිට අවුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ සැකකරුගේ පරිගණකයේ තිබී ඇත.
ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ වනවා.
අදාල සැකකාර චීවරධාරියා සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව පිළිගෙන ඇත.
අදාළ වීඩියෝ පට අලෙවි කර උපයන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැර කරගෙන තිබෙනවා.
තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රැෆික් දර්ශන සකසා අලෙවි කර උපයන මුදල් ඊට බැරවන බව බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
