ඩයනාට ලොකු ඉල්ලුමක්..කිහිප දෙනෙක් වරින් වර නිවසට එයි..විශේෂ පුද්ගලයෙක් කෝටි 10කට ඇයව ඉල්ලයි.(VIDEO)

Report

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල සටනක් දියත් කරමින් තිබෙන බව වාර්තා වනවා.

ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වලටම ගොස් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද ඇතැමුන් පොරොන්දු දී ඇති බවද වාර්තා වේ.

මේ අතර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නිවසට පසුගිය දිනවල වරින් වර පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු තමනට සහාය ලබා දෙන ලෙස ආරාධනා කර ඇති බවයි පැවසෙන්නේ.

ඉන් එක් අපේක්ෂකයෙකු ඩයනා ගමගේ මහත්මියට රුපියල් කෝටි දහයක ලන්සුවක් ද යෝජනා කර ඇති අතර ඇය ල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.


Sponsored By Sarrita Jewellery

ඩයනාට ලොකු ඉල්ලුමක්..කිහිප දෙනෙක් වරින් වර නිවසට එයි..විශේෂ පුද්ගලයෙක් කෝටි 10කට ඇයව ඉල්ලයි.(VIDEO) | A Special Request For Diana Gamage