ශල්‍යකර්මවලට අවශ්‍ය ඖෂධ හිඟයක්.

Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 13, 2023 03:47 AM GMT
Hashini

Hashini

Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ අවයව බද්ධ කරන්නට අවශ්‍ය ඖෂධ හිඟ වීම නිසා අවයව බද්ධ ශල්‍යකර්ම වලට බාධා සිදු වන බවයි.

එම සන්ධානය පවසන්නේ මේ හේතුව නිසා වකුගඩු බද්ධ කිරීම් ඇතුළු ශල්‍යකර්මයන් සඳහා ගැටළු පවතින බැවින් රෝගීන් දුෂ්කරතාවයට පත් වන බවයි.

මෙම ඖෂධ බාහිරින් මිලදී ගන්නේ නම් රුපියල් ලක්ෂයක් පමණ වැය වන බවද පවසනවා.

ඉතා දුෂ්කර පළාත් වලින් අවයව බද්ධ කිරීමට පැමිණෙන රෝගීන්ට මෙම මුදල ගෙවා බාහිරින් ඖෂධ මිලදී ගැනීම දුෂ්කර බවද එම සන්ධානය පවසනවා. 

ReeCha