අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක්.

Police spokesman Sri Lanka Death Gun Shooting
By Hashini Sep 21, 2023 04:03 AM GMT
Hashini

Hashini

Report

අද (21)  අලුයම අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලැබූවන්ගෙන් එක අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී.

යතුරු පැදියකින් ආ දෙදෙනකු ටී.56 ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිසිය පවසන්නේ වයස අවුරුදු 27 සහ 36 දෙදෙනකු මියගොස් ඇති බවයි.

තුවාල ලැබූවන් දැනට අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසනවා. 

ReeCha