දත් 38ක කතක් තිබ්බ අමුතුම වාර්තාව - බලන්නකෝ ඒ කොහොමද කියලා.. (PHOTOS)
ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා ඇත.
Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා තිබෙනවා.
එමෙන්ම ගැහැණු ළමයෙකුගේ මුඛයේ වැඩිම දත් සංඛ්‍යාවක් තිබීමේ වාර්තාවට ද ඇය හිමිකම් ලබයි.
ඇයට පහළ හකු දත් හතරක් සහ ඉහළ හකු දත් දෙකක් වැඩියෙන් පිහිටා තිබෙනවා.
නව යොවුන් වියේ දී Kalpanaගේ අමතර දත් ටිකෙන් ටික මතුවෙමින් එකින් එක වැඩෙන්නට වු අතර වැඩිපුර ඇති දත් නිසා ඇයට කිසිදු වේදනාවක් අත්විඳ නොතිබුණ.
අදහස් දක්වමින් ඇය පැවසුවේ ආහාර බොහෝ විට දත් අතර සිර වී ඇති බැවින් ආහාර ගැනීමේ දී ඇය අභියෝගවලට මුහුණ දුන් බවයි.
මේ අතර ඇයගේ දෙමාපියන් කියා ඇත්තේ අතිරේක පිහිටා ඇති දත් ගැන දැනගත් පසුව එම දත් ඉවත් කරන ලෙසයි.
නමුත් ඇයගේ දන්ත වෛද්‍යවරයා ඇයට යෝජනා කර ඇත්තේ දත් පහසුවෙන් ඉවත් කළ නොහැකි නිසා ඒවා වර්ධනය වන තුරු රැඳී සිටින ලෙසයි.
නමුත් එයට ඇය බිය වූ නිසා දත් සම්පූර්ණයෙන් වැඩුණු පසුව පවා තබා ගැනීමට ඇය තීරණය කළේ ය.
මෙම කාණ්ඩය යටතේ පිරිමි වාර්තා දරන්නා කැනඩාවේ Evano Mellone වේ.
ඔහු වාර්තා තබා ඇත්තේ මුළු දත් 41 ක් සහිතවයි.
කෙසේ වෙතත්, ලෝක ජනගහනයෙන් 3.8% කට අධි සංඛ්‍යාත්මක දත් පිහිටන බව වාර්තා වේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)