කොටුවේ අහිතකර ආලේපන වර්ග තොගයක් වටලයි.
ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය විසින්.
එහිදී එම පුද්ගලයා සමඟ විවිධ ආලේපන අඩංගු ලිටර් 5 ප්ලාස්ටික් කෑන් 30 ක් යොදාගෙන තිබූ විවිධ ආලේපන වල නම සඳහන් හිස් ඇසුරුම් තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ.
මෙලෙස වෙළඳසැල තුළ තිබී භාරයට ගත් ආලේපන වල ආසනික් ඊයම් හා බැර ප්‍රමිතිය ඉක්මවා අඩංගුව තිබෙන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ආලේපන වර්ග මිලදී ගැනීමේදී පිළිගත් වෙළඳසැලකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස මහජනතාව වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවට දන්වා සිටිනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බැඳුම් කරයක් මත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |