මිල අඩු කිරීමත් සමඟ බේකරි හිමියන් පිටි කන්ටේනරයකට යටවෙයි.

By Wayomi Oct 31, 2022 07:35 AM GMT
Wayomi

Wayomi

Report

ආනයනික තිරිඟු පිටි තොග මිල කිලෝවක් රුපියල් 250 දක්වා අඩු කළ බව ආනයනකරුවන් පසුගියදා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කිලෝව රුපියල් 250 බැගින් ලැබෙන්නේ පිටි මිටි කන්ටේනරයක් මිලට ගත යුතු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ.

එලෙස පිටි මිටි කන්ටේනරයක් මිලදී ගැනීමට හැකියාව තිබෙන බේකරි හිමියන් මෙරට සිටින්නේ 10 දෙනකු පමණක් බවයි එම සංගමය පවසන්නේ.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, සමස්ත බේකරි වලින් සියයට 99%ක්ම පිටි මිළ දී ගන්නේ මිටි 10 -15ත්අතර ප්‍රමාණයක් බවත් එසේ පිටි මිටි 10 -15 මිලදී ගැනීමේදී කිලෝවක් සඳහා රුපියල් 270 ක් පමණ වන බවයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW