අවුරුදු 11ක් හිර බත් කෑ.. රැදවියෙකු නොහිතපු වෙලාවක කළ හරියක්..
පල්ලේකැලේ එළිමහන් සිර කදවුරෙහි වසර 11ක් පුරා රදවා සිටි රැදවියෙකු පළා ගොස් ඇති බවට වාර්තා වේ.
54 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි රැදවියෙකු මෙලෙස පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, මෙම රැදවියා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වීම හේතුවෙන් එළිමහන් සිර කදවුරෙහි රදවා සිට ඇත්තේ.
මේ අතර, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (15) අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් දෙකක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.