රෝහලේදී බන්ධනාගාර රැඳවියෙකු අවාසනාවන්ත ලෙස මියයයි..
Matara
Department of Prisons Sri Lanka
Death
Prisons in Sri Lanka
Prison
By Aruna
මොළේ උණ රෝගය වැළ ඳී රෝහල් ගතකර සිටි මාතර බන්ධනාගාරයේ එක් රැඳවියෙකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන අංශයේ කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කියා සිටියේ.
මියගිය පුද්ගලයා ඇතුළු තවත් තුන් දෙනෙකු උණ රෝගී තත්ත්වය හේතුවෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකකයට පසුගියදා ඇතුළත් කෙරුණා.
එහි දී මෙම උණ රෝගී තත්ත්වය මොළේ උණ ලෙස හදුනාගැනුනු අතර, එලෙස ප්‍රතිකාර ලබමින් සිටියදියි ඉන් එක් රැඳවියෙකු ඊයේ (22) රාත්‍රියේ මියගොස් තිබුණා.
මේ වනවිට මාතර බන්ධනාගාරයේ රැඳවියන් අට දෙනෙකුට මෙම රෝගය වැළ ඳී තිබෙන බවයි වාර්තා වන්නේ.
