කතරගම දී හද සසල කළ තරුණ පොලිස් කොස්තාපල්ගේ සංවේදී ඉරණම - හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..

Report

අද (24) තිස්සමහාරාම අකුරුගොඩ සීමාවේ දී පුද්ගලික බස් රථයක ගැටී ආධුනික කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

කතරගම දී හද සසල කළ තරුණ පොලිස් කොස්තාපල්ගේ සංවේදී ඉරණම - හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.. | A Police Constable In Kataragama Is In Danger

ඒ බව කතරගම පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මිය ගියේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ රාජකාරි සඳහා යොදවා සිටි කතරගම පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල්වරයෙකු ය.

ඔහු වැලිමඩ ඩවුන්සන්වත්ත ප්‍රදේශයේ පදිංචි වී. කරන් නැමැති කොස්තාපල්වරයෙක් ය.

කතරගම දී හද සසල කළ තරුණ පොලිස් කොස්තාපල්ගේ සංවේදී ඉරණම - හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.. | A Police Constable In Kataragama Is In Danger

මෙම නිලධාරියා තවත් පොලිස් නිලධාරියෙකු සමග සිවිල් ඇඳුමෙන් සැරසී පුද්ගලික යතුරු පැදියකින් තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී කාර්යාලය වෙත රාජකාරී අවශ්‍යතාවයකට ගොස් තිබෙනවා.

එහිදී මාතර සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක අකුරුගොඩ සීමාවේ දී ගැටී ඇත.

ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා දෙබරවැව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇත.

Sponsored By Sarrita Jewellery

කතරගම දී හද සසල කළ තරුණ පොලිස් කොස්තාපල්ගේ සංවේදී ඉරණම - හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.. | A Police Constable In Kataragama Is In Danger