පුතුට කළ වංචාවට උරණ වූ පියා පලිගත්ත හැටි - සීදූවේ ගමන් බෑගයකින් හමු වූ පුද්ගල මළ සිරුරේ සුල මුල සියල්ල හෙළි වෙයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Sep 19, 2023 05:42 PM GMT
krishani

krishani

Report

සීදූව - දඬුගං ඔය ඉවුරේ ගමන් බෑගයක තිබී හමු වූ පුද්ගල මළ සිරුරේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගැණින.

ඒ සීදුව පොලිසිය විසින් ය.

එහිදි සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයට ලක් වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුතෙක් ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන ඇති බව අණාවරනය වී තිබෙනවා.

නමුත් එම මුදල් ලබාගත් ඔහු නැවත එම මුදල් ලබාදීමක් හෝ අදාළ පුත්‍රයා විදෙස්ගත කිරීමක් සිදුකර නොමැති අතර එයට ව්‍යාපාරිකයා උරණ වී තිබෙනවා.

ඔහු ඝාතනයට ලක් වූ පුද්ගලයාව පසුගිය 11 වනදා කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල දී පැහැරගෙන ඇත.

පසුව කටානේ පිහිටි තමාට අයත් පොල් ඉඩමකට රැගෙනවිත් සිය පුතුන් දෙදෙනා හා සේවකයන් තිදෙනෙකු සමග එක් වී පහර දී තිබෙනවා.

එහිදී ඝාතනයට ලක් වූ පුද්ගලයා පළා යෑමට උත්සාහ කළ නමුත් එයට අපොහොසත් වී ඇත.

පසුව ඔහුව අල්ලාගෙන විත් කටානේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් හෝටලයක පාලු කාමරයකට රැගෙන ගොස් යළිත් පහර දී තිබෙනවා. 

එහිදී සිදුකළ පහරදීමේ දී ඔහු මියගොස් ඇති අතර පසුව මියගිය පුද්ගලයාගේ සිරුර ගමන් බෑගයකට දමා ව්‍යාපාරිකයාගේ මෝටර් රථයෙන්ම කොටුගොඩ ප්‍රදේශයෙන් දඬුගං ඔයට දැමූ බව සැකකරුවන් පොලීසියට පවසා තිබෙනවා. 

ඝාතනයට ලක් වූ පුද්ගලයා මීට පෙර ද විවිධ පුද්ගලයන් විදෙස්ගත කරන බව පවසා මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියා සිටියේ ය.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සීදූව පොලීසිය විසින් සිදුකරනු ලබයි. 

ReeCha