අරක්කු කාලක් ඉනේ ගහන් ඇප දෙන්න උසාවි ඇවිත් සිදු වූ දේ.
Sri Lanka Magistrate Court
By Wayomi
අරක්කු කාලක බෝතලයක් ඉනේ සගවාගෙන පානදුර අධිකරණ භූමියට ඇතුළුවීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර දකුණ පොලිසිය පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මොරවින්න ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
සැකකරු අධිකරණ භූමියට ඇතුළුවීමට ප්‍රථම කල ශරීර පරීක්ෂාවේදී රජයේ අරක්කු මිලිලීටර් 180 ක් අඩංගු බෝතලයක් ඉනේ සගවාගෙන සිටියදී මෙලෙස සොයා ගැනුණා.
අධිකරණයට ඉදිරිපත් කර සිටී පුද්ගලයෙකුට ඇප ලබාදීම සදහා සැකකරු පැමිණ ඇති බවත්, මෙය කිසියම් පුද්ගලයෙකුට ලබාදීමේ අරමුණින් රැගෙන විත් ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂක සිදුකරන බවත් වාර්තා වෙනවා.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |