මැතිවරණ කොමිසමින් දැනුම් දීමක්
පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
"පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් ජයගත් අපේක්ෂයන් 60%කගේ තොරතුරු අපේ තේරිම්භාර නිලධාරීන් ළඟ තියෙනවා. අනෙක් 40% සඳහා ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ටත් මේ වනවිට ඒ පළාත් පාලන ආයනතය අදාළ තේරිම්භාර නිලධාරීන් විසින් ලිඛිතව දැනුම්දීලා තියෙනවා අදාළ සභිකයින්ගේ නම් ලබාදෙන ලෙස. මොකද හේතුව ජුනි මාසේ 02 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරීම කොමිෂන් සභාව සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව තමයි පුළුවන්කම ලැබෙන්නේ. ගැසට් කළාට පස්සේ තමයි පළාත් කොමසාරිස්වරුන්ට පුළුවන් වෙන්නේ 50%ට අඩුවෙන් ජයගත් පළාත් පාලන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීම සඳහා මූලික කටයුතු කිරීමට.
ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්වරු මේ කාර්ය කළයුතු වෙනවා."
