වැස්සත් එක්ක මධ්‍යම පළාතට නායයෑමේ අවදානමක්- නුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ලට හදිසි ආපදා සූදානමක්

Report

වියළි කාලගුණ තත්ත්වයෙන් තෙත් කාලගුණ තත්ත්වයකට මාරුවීමත් සමඟ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මධ්‍යම පළාතේ ආපදා සූදානම කඩිනම් කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මූලික ආපදා සූදානම් කිරීමේ අභ්‍යාස සඳහා තෝරාගෙන ඇති දිස්ත්‍රික්ක අතර මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ඇතුළත් වන බවයි.

එල් නිනෝ දේශගුණික සංසිද්ධියේ බලපෑම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත් කළ විශේෂ කැබිනට් අනුකමිටුව සහ නිලධාරීන්ගේ කමිටුව පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වැනි වරටත් රැස්වී තිබේ.

ඉදිරියේදී වර්ෂාපතනය ඉහළ යාමත් සමඟ ඇති විය හැකි ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ට සූදානම් වීම සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු කර ඇත. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කයද මූලික ආපදා සූදානම් කිරීමේ වැඩසටහනට ඇතුළත් කර තිබේ.

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ජනතාව හුරු කිරීම සහ ප්‍රජා මට්ටමේ සූදානම ශක්තිමත් කිරීම සඳහා ආපදා සූදානම් කිරීමේ අභ්‍යාස කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ. හදිසි අවස්ථාවලදී සම්බන්ධීකරණ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙහෙයුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.

මේ අතර, පවතින එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා දැනට ක්‍රියාත්මක සහන වැඩසටහන් පිළිබඳවද කමිටුව සමාලෝචනය කර ඇති අතර, ඉදිරියේදී ඇති විය හැකි කාලගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

මධ්‍යම පළාතේ සියලුම දිස්ත්‍රික්ක නායයෑම් අවදානමට විශේෂයෙන් ලක්විය හැකි බැවින්, රට තෙත් කාලගුණික තත්ත්වයකට මාරුවන අවස්ථාවේදී අවශ්‍ය පූර්ව සූදානම් කිරීම් කඩිනමින් සිදු කරන ලෙස බලධාරීන් අවධාරණය කර තිබේ.

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්

බීලා සහ කුඩු ගහලා ඩ්‍රයිව් කරන අයට වැඩ වරදියි- පොලිසියෙන් දිවයින පුරාම විශේෂ මෙහෙයුමක්