දරු දෙදෙනෙක් මහමඟ දමා ගිහින්.. එක් දරුවෙක් මාස 06යි.. - මෙරටින් ඇහෙන හද කම්පා කරවන පුවතක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී, මාස 06ක බිළිදෙකු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන අවුරුදු 6ක දරුවෙකු මහමඟ දමා ගිය පුවතක් වාර්තා වේ.
එම දරු දෙදෙනා අම්බලන්ගොඩ නගරයේ රැදී සිටිය දී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා.
එම දරු දෙදෙනාගෙන් මාස 06 බිළිදා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.වැඩිමහල් දරුවා තවමත් අම්බලන්ගොඩ පොලිස් භාරයේ පසු වෙයි.
කෙසේවෙතත්, මොවුන්ගේ මව කවුරුන්ද යන්න පොලිසිය විසින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.