ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ගුටි නොකා නූලෙන් ‌බේරෙයි...

By Sewvandhi Nov 30, 2021 10:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාල්ල ලබුදූව ප්‍රදේශයේදී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වෙත තරුණයන් පිරිසක් පහර දීමට ගත් උත්සාහයක් පිළිබද වාර්තා වනවා.

මෙහිදී අමාත්‍යවරයා පැමිණි රථ පෙළ ලබුදූව මංසන්ධියේ ඇති ‌ත්‍රිරෝද රථ ගාල අසල නවතා ඇති බවත්, පසුව අමාත්‍යවරයා එහි සිටි තරුණයන්ගෙන් ‘ඇයි මොකද මල්ලි…’ යනුවෙන් අසා ඇති බවත් දැනගන්නට ඇත.

අමාත්‍යවරයා මෙසේ විමසීමත් සමග කෝපයට පත් තරුණයන් ‘ඇයි ඇයි මොකද මහත්තයා..’ යනුවෙන් විමසමින් එක්රැස් වෙමින් අමාත්‍යවරයාට පහර දීමට සූදානම් වී ඇති බවක් වාර්තා වේ.

ඒ සමගම බියට පත්ව ඇති අමාත්‍යවරයාගේ රියැදුරා වහාම රථය පණ ගන්වාගෙන එම ස්ථානයෙන් පිටව ‌ගොස් ඇති බවක් දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW