දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
STF
Badulla
Sri Lanka
By Hashini
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
බදුල්ල පොලිස් වසමේ වෙළඳසැලක් තුලින් මෙම දුම්වැටි තොගය සොයා ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍ය අවවාද සටහන් නොකළ P&S වර්ගයේ දුම්වැටි 320ක් සොයාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේම අවුරුදු 44ක පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
