රේල් පාරේ නින්ද ගිය දෙදරු පියා ට සිදු වූ අවාසනාවන්ත සිදුවීම..
Sri Lanka
Sri Lanka Railways
Accident
By Sewvandhi
ඊයේ (17) රාත්‍රි 8.45ට පමණ ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ කන්තලේ 96 ගල්මැටියාව ප්‍රදේශයේය. පසුව එම දුම්රියෙන්ම මෘත දේහය කන්තලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් කන්තලේ මූලික රෝහල වෙත භාරදී ඇත.
මියගිය පුද්ගලයා සමග තවත් කිහිදෙනෙකු සමග කුඹුරු වැඩ කර ඇති අතර, පසුව වැඩ නිමවී රේල්පාර මත වාඩි වී මැත්පැන් පානය කර ඇති බවත්ය, රෝහල් නිලධාරීන් පවසන්නේ.
පසුව සෙසු පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයාට එම ස්ථානයේ නින්ද ගොස් ඇති බව ද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි දෙදරු පියෙකි.
කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
