කොළඹින් ගමට යන්න ඉන්න මහා සෙනඟ
සිංහල - දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට තවත් දින 02 ක් පමණක් ඉතිරිව පවතිද්දී සිය ගම්බිම් බලා යාමේ අපේක්ෂාවෙන් මේ වන විටත් පිටකොටුව - බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පලේ මෙන්ම මධ්‍යම බස් නැවතුම්පලේ විශාල පිරිසක් රැඳි සිටිනවා.
එසේම, ගාල්ල, මාතර, මහනුවර ඇතුලු නගර රැසක හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් කියා සිටියේ එම නගර වල සිට දුර බැහැර ප්‍රදේශ වෙන ගමන් කිරීමට ද බොහෝ පිරිසක් රැඳී සිටින බවයි.
මෙම තත්ත්වයත් සමග අද පස්වරුවේ දිවයිනේ නගර රැසක් ආශ්‍රිතව රථවාහන තද බද හටගත් බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා මේවත් පසුබිමක අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තුමෙන්තුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කල අතර, ඒ යටතේ විශේෂ දුම්රිය 10ක් ධාවනයට යොදවා තිබෙනවා.
මේ අතර, ගම්බිම් බලා යන ජනතාවට ප්‍රමාණවත් පරිදි බස්රථ යෙදවීමට අද දිනයේදීත් කටයුතු කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කලේ.
මා කුඹුර සහ කඩවත බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානවල සිට ද අධිවේගී මාර්ගය හරහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
අප වාර්තා කරුවන් සඳහන් කළේ, ගම්බිම වෙත යාමට මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය වෙත අද පස්වරුවේ විශාල වශයෙන් ජනතාව පැමිණ සිටි බවයි.
එහි දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩබල් ඩෙකර් බස් රථද ධාවනයට යොදවා තිබූ බවද හිරු වාර්තාකරු සඳහන් කළා.
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගබිම බලා යන ජනතාවට බස් සංගම එක්ව පිටකොටුව - බැස්ටියන් මාවතේ දී අද පස්වරුවේ සිසිල් පැන් සහ කෝපි දන්සලක් ද සංවිධානය කර තිබුණා.
මේ අතර, මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයද සඳහන් කළා.
