රුධිර පෙරණ හිඟයක් නිසා වකුගඩු රෝගීන් දැඩි අපහසුතාවයක.
Sri Lanka
Government Of Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
පදවියේ රෝහලේ රුධිර කාන්දුකරණයේ දී භාවිත කරන පෙරණවල හිඟයක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී පූර්ණිමා විමලරත්න මහත්මිය පවසන්නේ.
පදවිය රෝහලෙන් සතියකට වකුගඩු රෝගීන් 228 දෙනකු පමණ ප්‍රතිකාර ලබා ගන්නා අතර පදවිය රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේ මැදවච්චිය, ත්‍රිකුණාමලය සහ වව්නියාව ආදී රෝහල්වලින් පෙරණ ආපසු ලබාදීමේ පදනම මත ලබාගෙන රුධිර කාන්දුකරණය සිදුකරන බවයි.
එවැනි පෙරණ 1200ක් වත් පදවිය රෝහලට අවශ්‍ය වන අතර මේ පිළිබඳව උතුරුමැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ පෙරණවල හිඟය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශය දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පෙරණවල හිඟයක් ද පවතින බවයි.