ක්‍රිකට් නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙද්දී නව විනිසුරු මඩුල්ලක් පත් කරයි...
ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව ගොනුකළ පෙත්සම අද (16) විභාගයට ගැනුණා.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල අද (16) එම නඩුවෙන් ඉවත්ව තිබෙනවා.
මෙම නඩුවෙන් මේ වන විට විනිසුරුවරුන් තිදෙනෙක් ඉවත්ව තිබෙනවා.
පෙත්සම අද ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව නීල් ඉද්දවෙල විනිසුරු දන්වනු ලැබුවා.
පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ල ලෙස සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් පත් කර ඇත.
නව විනිසුරු මඩුල්ල යටතේ අභියාචනාධිකරණය ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රශ්නය නොවැම්බර් 20වැනිදා සලකා බැලීමට නියමිතයි.
............................