නව නීතියක් - බස් රථවල ආයේ මෙහෙම යන්න බෑ
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන පරිදි, බස් රථ ඇතුළට සවිකර ඇති ස්පීකර්, බෆල් ආදියෙන් නිකුත් වන අධික ශබ්දය නිසා මගී ජනතාවට අපහසුතා සිදුවේ.
එයට ප්‍රතිචාර දක්වමින් ශබ්ද දූෂණය අවම කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
මෙතෙක් බස් රථ තුළ ඇති ශබ්ද දූෂණය සඳහා රෙගුලාසි නොතිබූ අතර, මේ වන විට එම රෙගුලාසි සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ පැවසීය.
රෙගුලාසි සම්මත කළ පසු, ස්පීකර්වලින් නිකුත් වන ශබ්දය සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.