පොලිස් නිලධාරින් පිළිබඳව ඇඟ හිරිවැටෙන අනාවරණයක් - මෙන්න විස්තරය

Report

අල්ලස හා දූෂණ චෝදනා ලබන බහුතර පොලිස් නිලධාරීන් ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහිවීම නිසා එවැනි ක්‍රියාවන්ට පෙලඹී ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සතිඅග සඳහන් කරයි.

ඔහු සඳහන් කළේ, වැටුප මුළුමනින්ම සූදුවට යටවීම නිසා, මෙම නිලධාරීන් විෂමාචාර ක්‍රියාවන් මගින් මුදල් ඉපයීමට පෙලඹී ඇති බවත්, නීතිමය රාමුව තුළ එය පාලනය කළ නොහැකි තත්ත්වයක් පවතින බවත් සඳහන් කරයි.

පොලිසියට අමතරව, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බොහෝ දෙනකුත් ඔන්ලයින් සූදු ක්‍රීඩාවට ඇබ්බැහිවී ඇති අතර, රාජ්‍ය අංශයේ නිලධාරීන්ද එම තත්ත්වයට ලක්ව සිටින බවද වාර්තා වී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයට අමුතු සතෙක් - වෙබ් අඩවියත් ක්‍රියා විරහිතයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයට අමුතු සතෙක් - වෙබ් අඩවියත් ක්‍රියා විරහිතයි

එම තත්ත්වය නිසා සියදිවි නසා ගැනීම්, පවුල් ගැටළු, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ අපරාධ වර්ධනය වීම වාර්තා වී ඇත. පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔන්ලයින් සූදු ක්‍රීඩා සමාජයට බරපතළ ව්‍යසනයක් වී ඇති අතර එය නරක අතට හැරී ඇති බවයි.

තවද, පොලිසියේ රාජකාරි කරන නිලධාරීන් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහිවීම වැඩිවී ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද පොලිස්පතිවරයා කීවේය.

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්

රුපියල් 5000හේ නෝට්ටුව භාවිතා කරන ගනුදෙනුකරුවන්ට දැනුවත් කිරීමක්