දෙහිඕවිට දී බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් 35ක් රෝහලේ
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට, තැඹිලියන ප්රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇත.
අද (02) උදෑසන සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.
තුවාල ලැබූ පුද්ගලයින් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ගගන වාර්තාකරු සඳහන් කළේය.