මියගිය දරුවාගේ සොහොන මතදී සීයා වස පානය කරයි

hambantota weerakatiya suiced
By Sewvandhi Sep 23, 2021 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වෙඩි තැබීමකින් මියගිය වීරකැටියේ 14 හැවිරිදි දරුවාගේ සොහොන මතදී ඔහුගේ සීයා වස බී සියදිවි හානිකරගැනීමට උත්සහ කර තිබෙනවා. වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (22) සවස සිදු කෙරුනා.

එම අවස්ථාවේදීයි ඔහුගේ 67 හැවිරිදි වියේ පසුවන සීයා මෙලෙස වස පානය කර සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇත්තේ.

පසුගිය දා වීරකැටිය ගජනායකගමදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදී සිදුකල වෙඩි තැබීමකින් 14 හැවිරිදි වියේ පසුවන සචින්ත නිම්සර නමැති දරුවා ජීවිතක්ෂයට පත් වූවා.

දේහය මිහිදන් කිරීමෙන් පසු සෙසු පිරිස සුසාන භූමියෙන් පිටව යාමෙන් අනතුරුව සුසාන භූමියේ රැදී සිටි 67 හැවිරිදි පුද්ගලයා මෙලෙස වස පානය කර තිබෙනවා.

වස පානය කිරීමෙන් අනතුරුව ඥාතීන් විසින් ඔහු කඩිනමින් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

----------------------------------------------

හිමි නමක් ආණ්ඩුවට කළ ප්‍රබල චෝදනාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

 

ReeCha