හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් හා ඇමතිවරයෙක් අත්අඩංගුවට ?

Report

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ 2021 වසරේ දී චීනයේ සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් ප්‍රමිතියෙන් යුතු නොවීම මත රජයට ඩොලර් මිලියන හයයි දශම නවයක අලාභයක් සිදු කළේ යැයි කියන සිදුවීමට අදාළව හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දුන්නා.

විමර්ශන නිලධාරීන් මේ බව කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.

කටුනායක අදත් වෙඩි තැබීමක්...

කටුනායක අදත් වෙඩි තැබීමක්...

සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටින බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියහ.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අතිරේක ලේකම්වරයාට ඇප හිමි වුවද නියමිත ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම මත නැවතත් ඔහු රක්ෂිත බන්ධනාගාරය වෙත ගෙනයනු ලැබීය.

2021 වසරේ මෙරට කෘෂිකර්ම අමාත්‍ය ධුරය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් දරන ලද හතර කෘෂිකර්ම රාජ්‍ය ඇමති ධුරය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් දරනු ලැබීය.

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න (UPDATE)

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න (UPDATE)