කටුනායක අදත් වෙඩි තැබීමක්...

By Hashini May 06, 2025 05:45 AM GMT
Report

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර ඇත.

වැඩිදුර විමර්ශන සීදූව පොලීසිය සිදුකරනවා.

රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ගත් තීරණය

රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයා ගත් තීරණය