පිටකොටුවේ වෙළඳ සැලක ගින්නක්. - (UPDATE /VIDEO)
..........................(UPDATE)................................
පිටකොටුව දෙවන හරස් වීදියේ අද උදෑසන ඇති වූ ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
එම ගින්නෙන් තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් 23 දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පුද්ගලයන් 06 දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාළ ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඇති වූ ගින්නෙන් වෙළඳසැල් කිහිපයකට හානි සිදු වී ඇති බවද පොලීසිය පවසනවා.
පිටකොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
......................................................................................................................
අද (27) පෙරවරුවේ පිටකොටුවේ වෙළෙඳසලක ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ගින්න හටගෙන ඇත්තේ පිටකොටුව, 2 වන හරස් වීදියේ ගොඩනැගිල්ලකයි.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 08 ක් අදාළ ස්ථානයට යොදවා ඇති අතරම ගින්න මැඩපැවැත්වීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
