නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් අක්කර පනහ ප්‍රදේශයේ පිහිටි වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 5ක් පමණ ගිනි ගෙන විනාශ වී තිබෙනවා.
පොලිසිය පැවසූවේ මෙම ප්‍රදේශයේ පවතින අධික කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇති බවයි.
එසේම ප්‍රදේශය පුරා පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.