ගොඩනැගිල්ලක ඇති වූ දැවැන්ත ගින්න - 2016ත් එහෙමම ගින්නක් ඇති වෙලා.. (විදෙස්)

By krishani Jun 28, 2023 01:02 AM GMT
Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ නේවාසික ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම ඇති වූ ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

එම ගොඩනැගිල්ලේ සිටි පදිංචිකරුවන් කඩිනමින් ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත. 

කෙසේවෙතත්, 2016 වසරේදී ද අදාළ ගොඩනැඟිල්ලේ දැවැන්ත ගින්නක් හට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.