O/L සහ A/L සහ විශ්වවිද්‍යාල සහතික පෙන්වා ව්‍යාජ ලෙස කෝටි ගණන් ගැරූ කල්ලියක් කොටුවෙයි.

Sri Lanka Police
By Wayomi Oct 30, 2022 06:01 AM GMT
Wayomi

Wayomi

Report

රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල වෝඩ් පෙදෙසේ මුද්‍රණාල දෙකක් පවත්වාගෙන ගිය එම කල්ලිය ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් සමඟ වෙනත් පුද්ගලයන්ගේ නමින් ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් , විවෘත විශ්වවිද්‍යාල සහතික, ශිෂ්‍ය කාර්ය සාධන දර්ශක, විවිධ ලිපි ලේඛන, වාහන වල ලියාපදිංචි සහතික, දිවයින පුරා රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා,නීතිඥ වරුන්ගේ නිලමුද්‍රා, විදුලි සහ ජල බිල්පත් , බැංකු පොත් , විවිධ ප්‍රදේශවල ඉඩම්වලට අයත් බව කියන ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු ඇතුළු ලිපි ලේඛන රැසක් සහ ඒවා සකස් කිරීමට යොදාගත් පරිගණක ඇතුළු යන්ත්‍ර සුත්‍ර රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට මෙම ජාවාරම් කල්ලිය සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මාස කිහිපයක් තිස්සේ දීර්ඝ විමර්ශනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙම සංවිධානාත්මක කල්ලියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා මහරගම පිලිකා රෝහල අසල මූල්‍ය ආයතනයක් තුළ දී අත්අඩංගුවට ගැනුණා.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW